නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ආර්.එම්.එච්. නිමේෂිකා රත්නායක මිය
ජාතියක අභිවෘද්දිය සේම අනාගතය සුරක්ෂිතකරණයෙහි ලා වත්මන් දරු පරපුර මනා ලෙස සුපෝෂණය සුරක්ෂිණය උත්තම මෙහෙවරකි. එහි ලා ඔවුන්ගේ බුද්ධි අභිවර්දනයට හිමි වනුයේ ප්‍රථම ස්ථානයකි . තාක්ෂෂණය පෙරටු කොටගත් නූතන ලෝකය තුල ඒහා සමගාමී පාසල් අධ්‍යාපනය තාක්ෂණීකරණය වීම නූතන අවශ්‍යතාවකි. සම අරමුණු හා පෙරටුගාමිව අප විද්‍යාලයීය තොරතුරු තාක්ශණ ගුරුභවතාගේ මග පෙන්වීමෙන් තොරතුරු තාක්ෂණික අංශයේ සිසු සිසුවියන් විසින් 'සයිබර් ලොවට පියාපත්' වැඩසටහන යටතේ නිර්මාණය කරන ලද වෙබ් අඩවිය විද්‍යාලයීය අභිවෘද්දිය වෙනුවෙන් කළ අගනා නිමැවුමකි. එමගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය හදාරන දරු දැරියන්ගේ විශයීය ශක්‍යතා ඔප් නැංවුනු බව සුපැහැදිලිය. මෙවැනි තාක්ෂෂණික මං පෙත් විවර කරමින් සිසු දරුවන්ගේ අභිවෘද්දිය වෙනුවෙන් කටයුතු කිරීමට දිරිය ශක්තිය ලැබේවා යැයි ඉතා සිතින් පතමි.
ආර්.එම්.එච්. නිමේෂිකා රත්නායක මිය
නියෝජ්‍ය විදුහල්පති
මො.






