විද්‍යාර්ථ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

පරිසර නියමු පදක්කම් ප්‍රධානය...

සිසු අභිමානී - 2024

page-header-1900x320.jpeg
4.png
PlayPause

බටහිර,උතුර,නැගෙනහිර යන සියළු දිසාවන්ගෙන් කැලයෙන් සීමා වි ඇති මෙම ගමේ සිට මොනරාගල නගරයට සැතපුම් හයක් පමණ ඇත.එම ඉතා අලංකාර වු ග්‍රමය නම් නිවහනේ ම්ණි පහන වන්නෙ අපගේ පාසල ය.

ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති වු ජේ. ඩබ්ලිව්.පුංචි බණ්ඩා මහතාගේත් ,ලේකම් ආර්.එම්. අප්පුහාමි මහතාගෙත් ගමට පසලක් යන මුඛය පරමර්ථය වර්ෂ 1969 ඔක්තෝබර් 25 වන දින ඉටු විය. අර්ධ තවකලික ගොඩනැගිල්ලක් සමඟ අප පාසල අරම්භ විය . විදුහලේ මුල් ගුරුවරයා වුයේ ඩී.එම්.ජී.බී.දසනයක මහතාය.මෙම පසල 1969 ඔක්තෝබර් 26 වන දින රාජයට භාර දෙන ලදි. 7 වන ශේණිය දක්වා පන්ති අරම්භ කර තිබූ අතර මෙම වසරේ පාසලේ මුල් ශිෂ්‍ය සංඛ්‍යාව 58 ක් විය .

යුනිසෙෆ් ආයතනය මගින් ආධාර සපයන කුඩා පාසලක් බවට මෙම විදුහල ඇතුළත් කර ගනිමින් අධ්‍යාපනයට අවශ්‍ය පාට පෙට්ටි,කඩදාසි ,ලෝක ගෝල සහ වෙනත් ප්‍රථමික ඉගැන්විම් ලබා දි ඇත.ඉන් පසුව පාසලට නව ගොඩනැගිල්ලක් ද, ගුරු නේවාසිකාගාරයක් ද,ඩී.එම් අබේරත්න විදුහල්පතිවරයාගේ මුලිකත්වයෙන් සිදු විය. ගම්වාසීන්ගේ ද සහය අතිව පාසලට බුදු මැදුරක් ඉදි විය. වර්ෂ 1985 දී විදුහලේ ප්‍රථම වරට අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් 100% ක් සාර්ථක විය.


අධ්‍යාපන චාරිකා,විවිධ ප්‍රසංග ,ප්‍රදේශන,ශ්‍රමදාන හා ක්‍රීඩා උත්සව වැනි කටයුතු සංවිධානය සදහා දෙගුරැන්ගෙ සහය නොඅඩුව ලබා ගෙන ඇත .1987 වසරේ සීඩා වයාපාරයේ ආධාර යටතේ තවත් ගොඩනැගිල්ලක් ඉදි විය. මෙමගින් පාසලට අවශ්‍ය ලී බඩු,උපකරණ ආදිය ලැබුණි. ක්‍රීඩා තරග අතින් සටන් කර තැබිය යුතු වර්ථාවක් 1990 වර්ශයේ සිදු විය . එනම් ඒ.රොෂනි ප්‍රනාන්දු ශිෂ්‍යාව  කව පෙත්ත විසි කිරිමෙ තරගයෙන් සමස්ත ලංකා තරගාවලිය ඉදිරිපත් විමයි. වර්ෂ් 2008 දි ප්ලෑන් ශ්‍රී ලංකා ආයතනයේ මුලික අනුග්‍රහය යටතේ පසලට විශාල අඩුවක්ව පැවති පුස්තකාල ගොඩනැගිල්ලක් හිමි විය.

ළමා හා කන්තා සංවර්ධන  ඇමැතිනි සුමේධා ජී. ජයසේන මැතිණියගේ යටතේ 2009 ජුනි මස 21 වන දින මෙම පාසලට පරිගණක ඒකකයක් හිමි විය . නව ලොවට පිය නගන සිසු දරු දැරියනට පරිගණක තාක්ෂණයට යොමු විමට අවස්ථාව ලැබිම මහත් ජයග්‍රහණයකි. ඉන් පසුව මෙම පාසලට විද්‍යාගාරයක් හිමි විය .විද්‍යාලයට අති මහත් ජයග්‍රහණයක් ලබා දෙමින් ඩබ්ලිව් .එම් හිරැෂි හංසිමා ශිෂ්‍යාව 2014 වසරේ දී ශිෂ්‍යත්ව විභායෙන් ලකුණු 192 ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වන්නේ ලංකාවෙ 5 වන ස්ථානය ද හිමි කර ගනිමිනි . ඒවගේම 2018 වසරේ අ.පො.ස (සා/පෙළ) සමත් විමේ ප්‍රතිශතය 100% වු අතර මොනරාගල කලාපයේ සියළු පාසල් අතරින් ප්‍රථම ස්ථානය ලබා ගන්නට සමත් විය.මො/ කොටිගල්හෙල විද්‍යාලයේ නාමය ඇසු පමණින් බොහෝ දුෂ්කර ,ගමේ පාසලක් බව කා හට වුව ද හැගෙනු නො අනුමනය. ඒ නිසා පාසල් දු පුතුන් සිත් තුළ පාසල පිළිබඳ අභිමානයක් රදවා තබන්නට මො/විද්‍යාර්ථ මහා විද්‍යාලය ලෙස 2023 වසරේ පත් කෙරෙනි.

 

ආරම්භ කළ වර්ෂය

1969 ඔක්තෝබර් 26

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

58

මුල් ගුරුතුමාගේ නම

ඩී.එම්.ජී.බී.දසනායක

පාසලේ ආදි කතෘගේ නම

ග්‍රම සංවර්ධන සමිතියේ සභාපති වු ජේ. ඩබ්ලිව්.පුංචි බණ්ඩා මහතාගේත් ,ලේකම් ආර්.එම්. අප්පුහාමි මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මො/ කොටිගල්හෙල කණිෂ්ඨ විද්‍යාලය