- සෑම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම පාසල් නිල ඇදුමෙන් සැරසී පැමිණිය යුතුයි.
- පෙ.ව .06.45 ට පෙර පාසලට පැමිනිය යුතුයි.
- පෙ.ව.07.25 ට පෙර සියලුම පිරිසිදු කිරීම් අවසන් කල යුතුය.
- පලමු සීනුව නාද කල විට නිශ්ශබ්දව තමා සිටින ස්ථානයේ ම රැදී සිටිය යුතුය.
- නැවත සීනුව නාද කිරීමෙන් පසු උදය රැස්වීමට සියලුම දෙනා සහබාගි විය යුතුයි.
- පන්ති වලින් බැහැර වීමේ දී හා ඇතුල් වීමේ දී පාසල අවසන් වීමෙන් පසු පේලියට ගමන් කල යුතුයි.
- ජංගම දුරකථනය පාසලට රැගෙන එමෙන් වැලකිය යුතුයි.
- දිනපතා පාසල් නොපැමිණෙන අය දෙමාපියන්ගෙන් ලියුමක් රැගෙන ආ යුතුයි.
- ප්‍රමාද වී පැමිණිම හා වේලාසනින් පිටත් වීම නොකල යුතුයි.
- සැම ශිශ්ය ශිශ්යාවක්ම විශය සමගාමී හා බාහිර කටයුතු වල නිරත විය යුතුය.
- මව,පියා,බාරකරු හැර වෙනත් කිසිවෙකුට දරුවා පාසලින් බැහැරව කැදවා ගෙන යාමට අවසර නැත.
- විනය විරෝදී හැසිරීම් සදහා විදුහල්පති හෝ විනය මණ්ඩලය විසින් දෙනු ලබන තීරණ වලට යටත් විය යුතුය.
- තමන්ගේ ඇදුම පැලදුම්,පොත් පත්,පන්ති කාමරය,අවට පරිසරය පිරිසිදුව තබා ගත යුතුය.
- පාසල් නිල ඇදුම පාසලේ විනය නිති මාලවට අනුගතව සකස් විය යුතුය.
- පාසල් නිල ඇදුමට ගැලපෙන සෙ නිවැරදිව හිසකෙස්,රැවුල් කපා පිරිසිදුව පැමිණිය යුතුය.
- පිරිමි ලමුන් කළු සපත්තු හා කළු මේස් ද ගැහැනු ලමයි සුදු සපත්තු හා සුදු මේස්ද පැලදීම අනිවාර්යයි.
- සෙරෙප්පු පලදින්නේ නම් කළු පැහැති රබර් සෙරෙප්පු පමනක් පැලදිය යුතුය.
- ගෙදර වැඩ ,පැවරුම, අබයාස කලට වේලාවට කල යුතුයි.
- පන්ති කාමරයේ නිශ්ශබ්දතාවය රැකීම , ඉගැන්වීම් කාලය තුල පන්ති කාමරයෙන් බැහැරව සිටීමෙන් වැලකිය යුතුය.
- වාර පරීක්ශනය හා පාසල් පාදක වලට සහබාගි වීම සිදු කල යුතුය.
- පාසලේ තිබෙන ගොඩනැගිලි ,පරිසරය,උපකරණ සහ සියලුම සම්පත් ඔබ සතු බැවින් ඒවා ආරක්ශා කල යුතුය.
- සිසුන් විදුහල්පති තුමා ඇතුලු ගුරුවරුන්ට කීකරු වීම, ගුන ගරුක වීම, විනය ගරුක වීම ,යහපත් වචනයෙන් කතා කිරීම සිදු විය යුතුය.
- නිරතුරුව පාසලේදි හා පිටතදී පාසලේ ගරුත්වය ආරක්ශා වන පරිදි කටයුතු කල යුතුය.
- ශිශ්ය නායක නායිකාවන් අනික් සහෝදර සහෝදරියන්ට ආදර්ශවත් ලෙස කටයුතු කල යුතුය.
- පාසල් කාලය තුලදී පන්තියෙන් බැහැරව නිකරුනේ කටයුතු කාලය ගත් නොකල යුතුය.
- පාසල් කාලය අවසන් කිරීමේ දී සීනුව නාද කරන විට නිශ්ශබ්දව සිටිය යුතුය.
- ජත්ත මානවක ගාථා නිවැරදිව හඩ නගා ගායනා කල යුතුය.
- අවසානයේ පන්ති බාර ගුරුවරුන් නමැද පහළ පන්ති වල සිට ඉහල පන්ති දක්වා පිළිවෙලට පේළියට පාසල් ගේට්ටුව තෙක් පයින් ගමන් කල යුතුය.
- පා පැදි වලින් ගමන් කරන අය පාසල් ගෙට්ටුව තෙක් පයින් ගමන් කල යුතුය.
- පාසල තුල හිස් වැසුම් පාවිච්චි නොකළ යුතුය.
- නිපුනතා පූර්න දරුවන් රටට දායාද කිරීම පාසල තුලින් සිදුවේ එම අරමුණු ඉටු වීමට නම් කැපවීමෙන් කටයුතු කල යුතුය.






